අහෝ ලෝ පව් නිසා - Aho lo paw nisa

අහෝ ලෝ පව් නිසා ශ්‍රී දිව් පිදූ
සුරනිදු ඔබට නමෝ
බෝ සේ බැතින් ශ්‍රී පා පියුම්
වදිමු සැමෝ

පව්කාර වූ දුදන නිසා
දෙව් පුත් තුමා පණ පිදුවේ අනේ
ශ්‍රී ලේ හෙලා බෝ වේදනා විඳ මෙදිනේ

එල්ලී මෙසේ ඇන තුනකින්
ශ්‍රී ගාතයන් සුදුමැලි වී තැලී
ඉන්නා සැටි දෑසින් බලා හඬමු අනේ

ලෝ මැව් තුමා මැරුණ දුකින්
මේ ගල් පැළි යන නමුදු අනේ
ලෝ පව් දනා නෑ දුක් උනේ මොන පුදුමේ

ප්‍රේමෙන් දැවී දුදන වෙතේ
පුජා වෙනා අජ පැටවණනි
ලෝ සව දනා පාපෙන් මුදා ගනු මැනවි 


Download files

No comments:

Post a Comment