කලකට පෙර - Kalakata pera

කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ශුද්ධවූ නගරේ
ජෙසූ මෙලොවට බිහි උනේ පුංචි ගව මඩුවේ

උදුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුලන් රැලි දසත හමද්දී සැතපිලයි උන්නේ
දුප්පත් එඩේරු මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ

මරියතුමීගේ පෙම්බර මුහුණේ එළියක් දිස්වූයේ
ජුසේතුමා කිසිදාකත් නෑ දෙව් අණකට පිටුපෑවේ
වටපිට රොක්වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසති
රජතුන් කට්ටුව බිලිඳා ළඟ වැටී පඬුරු ඔප්පු කරති


මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා
දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා...

Download files

No comments:

Post a Comment