ලේ කිරි කරලා - Le kiri karala

ලේ කිරි කරලා ම‍ට පෙව් අම්මා
මා ලෙඩ වූ විට නිදි මරමින් ලඟ ඉන්නා
මගේ විපතෙදී මා අත් නොහරිනා
අනේ සමඳුනේ මගෙ අම්මා රැකදේවා...//

දහඩිය හෙළලා වෙහෙසක් නොබලා
මා වෙනුවෙන් ජීවිතයම පුදන තාත්තා
මගේ සැප පතා සැප අත් හරිනා
අනේ සමිඳුනේ මගෙ තාත්තා රැකදේවා...//

සුවපත් වේවා මව්පියො දෙදෙනා
ඔවුන් විඳින දුක හිරු දුටු පිණි මෙන් වේවා
විඳ නිම නොවෙනා සැපත ලබන්නටා
අනේ සමිඳුනේ මගෙ මව්පියො රැකදේවා...//


Download files

Related Posts:

No comments:

Post a Comment