මා රැකවරණය සමිඳා වේ - Ma rakawaranaya samida we

මා රැකවරණය සමිඳා වේ 
මට හිඟයක් නොමැතේ 
නිල් තණබිම් මත රඳවන්නේ 
සමිඳු එඬේරා වේ 

පැහැදිලි දිය වෙත ගෙන යන්නේ 
මා සිත පුබුදන්නේ 
සමිඳුන් නාමය අගයන සේ 
නිසි මඟ ගෙන යන්නේ 

යන්නට වුවමුත් අඳුරු මඟේ 
නපුරට බිය නැත්තේ 
සැරයටියකි ඔබ අත ඇත්තේ 
මට එය සැනසුම වේ


Download files

No comments:

Post a Comment