නිසසල ඒ - Nisasala e

නිසසල ඒ මිහිරි රැ‍යේ
රස වෑහේ මුතු පැහැයේ
අහස පුරා තරු එළිය දිලේ
පොළව කරා වැද සිරිය හැලේ
ජේසු පුතා බිහිවී...//

මව් කැකුළේ රන් උකුලේ
පුත බැබළේ ගොපළු පැලේ
මෙලොව මුදාලන දෙව් බිළිඳා
සිටිනු පෙනේ පොඩි අත් විහිදා
බෙත්ලෙහෙමේ බිහිවී...//

රෑ අඳුරේ ගෝ මැදුරේ
සිරිය පිරේ කඳු අතරේ
මංගල මිහිරක රැව් පැතිරේ
ගී ගඟුළැල්ලක දිය ඉතිරේ
පුත් රුවනක් බිහි වී...//


Download files

Related Posts:

No comments:

Post a Comment