රෑ තරු බබලනවා
මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා
මල් වැහැලා වාගේ
රැව් පිලි රැව් දෙනවා
ගීත නාද වාගේ //
බිළිඳෙකු හිනැහෙනවා
මුහුදක රැලි වගේ
සීත සුලන් එනවා
උයනක සිරි වාගේ
ගොපලුන් දුර එනවා
පැණි බඹරුන් වාගේ
බිළිඳෙකු හිනැහෙනවා
පොපියන කුසුම් වගේ
තුරුලක පෙරළෙනවා
හිම මත හිම වාගේ
No comments:
Post a Comment