රැයක අඳුර - Rayaka andura

රැයක අඳුර දුරු වෙලා මුළුම අහස තරු වෙලා
පොඩි තරුවක් හිනැහිලා මහඟු මගුලකී
කුරුළු රංචු ඇහැරිලා මල් සීතට ඇහැරිලා
හැම තැන හිම ඉහිරිලා මහඟු මගුලකී

සීතත් ඇත ගීතත් ඇත රැයකුත් ඇත ගෙයකුත් නැත
ගව්වක් දුර යන්නත් ඇත දරුවෙකු සොයලා
සැනසුම ඇත උණුසුම නැත මව් රුවනට පුතෙකුත් ඇත
යමු යන්නට ගොස් එන්නට මේ පුත බලලා

වැසි පොද පොඩි මුතු වගෙයි කෝටි හතක හතු වගෙයි
මුතු කුදයක හැඩ වගෙයි අහස පෙනෙන්නේ
සුවඳ වහිනවා වගෙයි මිහිර බහිනවා වගෙයි
ගඟක් හැදෙනවා වගෙයි සුවඳ ගලන්නේ

බෙත්ලෙහෙමේ පොඩි පුතා සිටියි අහුරකට ඔතා
සිඟිති සිතුම් සිත සිතා ඇඟිලි උරන්නේ
මවට ඇසින් කර කතා දරු හුරතල් පත පතා
ඇඟිලි එකට ගොත ගොතා මැණික් ගරන්නේ


Download files

No comments:

Post a Comment