සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවහලකට තරුවක් යනවා
අහසට පොලව ගැටේ //
තරු එළියේ කඳු වැටියේ
බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසිනු පෙනේ
තටු ගෙන සුදු හිම ඉගිලෙනවා
අතු මත මුතු මෙන් බබලනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
සැම තැන රිදී වගේ //
දිය සීරා කඳු පීරා
වන්නම් ගමනින් බස එනවා
දිය බින්දු ඇඟ සොලවා
දින දින වැහි කළු බර වෙනවා
මහවෙලි ගඟ දිය බොර වෙනවා
නත්තල කත් බැඳ ගෙන එනවා
වැහිබර උන්දුවපයේ //
අරලිය මල් වතුසුදු මල්
පිබිදී මල් අතු බර වෙනවා
මේ නත්තල් මාසේ
Download files
No comments:
Post a Comment