සුරංගනාවියක් වගේ - Suranganawiyak wage

සුරංගනාවියක් වගේ පියාසලා අහස් තලේ
ඉගිල්ලෙන්න කුරුල්ලන්ට තටු සලසන ස්වාමිනේ
සුදෝ සුදු වතින් සැරසී නව දිවියට පා තබනා
අප ආදර මනාලියට දෙන්න ඔබෙ වරම්
ඔබේ දෙන්න සැම වරම්

ඔබ යන මග දිගටම සුදු මල් පිබිදේවා
ඔබ ඉදිරියේ විස කටු මල් බවට හැරේවා
ඔබේ නිවස නැවුම් මලක සුවදින් නහවා
සමිදෝ ඔබගේ හද සතුටින් පුරවත්වා

සුරංගනාවියක්....

සමිදුන්ගේ බලවත් සුරතේ ඔබ වටලා
සැම නපුරෙන් ගලවා ඔබ නිති සුරකීවා
දෙනෙතේ කදුලැලි දිලිසෙන විට හද පහරා
සමිදෝ පිසදා කදුලැලි ඔබ සනසත්වා

සුරංගනාවියක්....

No comments:

Post a Comment