ගවහලේ - Gawahale
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුනානම්
ගවහලේ වසු පැටවෙකු මට වෙන්නට තිබුනානම්
මා කෙතරම් වාසනාවන්තද, මා කෙතරම් සන්තෝසද
අප රටේ නත්තල් දා සාමය තිබුනානම්
පටපිළි දවටා විලවුම් ඇගලා යනවා අපි පල්ලි
රතිඥ්යා පුපුරා රුපියල් වනසා මත් වී සතුටු වෙවී
ගිනිගෙන දැවෙනා වැලි කතරේ නත්තල තනි වීලා
තල් අතු මැදුරේ හෙන හඬේ නත්තල නැවතීලා
පොඩ්ඩක් හිතන්න සුමිතුර අපේ රටේ උතුර
ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුනානම්
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුනානම්
ආසියාවේ ඉපදුන ජේසුනි අපේ රටට එන්න
සැවොම බලාගෙන ඉන්නේ සමිදුනි ඔබ එනතුරු ලොවට
කුසගිනි නැගෙනා පැල්පතේ නත්තල තනි වීලා
යුධ ගිනි නැගෙනා නගරයේ නත්තල නැවතීලා
පොඩ්ඩක් හිතන්න සුමිතුර අපේ රටේ උතුර
ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුනානම්
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුනානම්
මා කෙතරම් වාසනාවන්තද, මා කෙතරම් සන්තෝසද
අපි කෙතරම් වාසනාවන්තද, අපි කෙතරම් සන්තෝසද
Listen to the hymn on YouTube: https://www.youtube.com/watch?v=t1svsNp7S9A
Popular Posts
-
ජේසු අම්මෙ මේ අහන්න ඔබේ දෑතට තුරුළු වෙන්න සුදු සළු කොණ අල්ලගන්න මට හරි ආසයි...// ජේසු අම්මෙ මේ අහන්න ඔබෙ රසබර බස් අහන්න ඔබ...
-
සිත හැරී මා එනතුරා ඔබ බලා සිටියා කෙලෙස් බර මා ඉවත නොදමා සිප වැළඳ ගත්තා පියාණනි මා අසරණයි අසරණයි අසරණයි වන්න අනුකම්පා// සතුට සම්පත...
-
සුරංගනාවියක් වගේ පියාසලා අහස් තලේ ඉගිල්ලෙන්න කුරුල්ලන්ට තටු සලසන ස්වාමිනේ සුදෝ සුදු වතින් සැරසී නව දිවියට පා තබනා අප ආදර මනාලියට දෙන්න ඔබ...
-
මංගල වේවා මෑණියනේ ජය ජය මංගල වේවා ඔබ පැසසේව සෑම දිනේ දෙව් මව සේ නැමදේව ඔබ මා මව සේ රක නපුරෙන් මේ දිවියේ ඔබේ රූ බාර වූ වත මා වෙත ය...
-
තරු ගොඩක් එකට බැඳුනා තව රැයක් පහන් කෙරුවා...// පුතෙක් උපන් බව කියන්නදෝ තරු හෙමින් හෙමින් දිලුනා...// පිනි පොදක් පොදක වැදුනා පොඩි ගඟක්...
ADs
Labels Cloud
- christmas (12)
- communion (8)
- confession (3)
- entrance (3)
- featured (5)
- holy spirit (2)
- jesus (4)
- lent (3)
- mother mary (10)
- parents (1)
- Wedding (4)
No comments:
Post a Comment