ඔබ තුරුලට වී - Oba thurulata wee


ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක දවසක් හෝ දවසකදී
නිසසල මොහොතක හිමිදිරි උදයක
ඔබ සිරුරේ උණුසුමේ වෙලී

ජේසුනී.. මට ඔබේ විශ්වාසයි
ඔබ මගේ ජීවිතයයි, හැමදාමත් එහෙමයි
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක දවසක් හෝ දවසකදී


ගිනිගත් සිතුවිලි නිවෙනා තුරු මා
ඔබ තුරුලේ ඉන්නම්
පවිටු මගේ විත සේදී යනතුරු
ඔබ පා නමදින්නම්
තනිවෙන්නට කිසි දිනෙක ඉඩ නොදී
ඔබ පසුපස එන්නම්
දෑතින් ඔබේ අත අල්ලාගෙන මා
ගීයක් මුමුනන්නම්


ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්...


දුකින් පෙලෙන මිනිසුන් අහුරක් ගෙන
ඔබ පාමුල වැටෙමි
සැනසීමක් යදින්නට හිත හිත
මල් දෝතක් පුදමි
විශ්වාසයි මට විශ්වාසයි
කිසිදින මා අත් නොහරියි
ඔබ දුන් හුස්මෙන් ජිවත් වන්නට
මට දිරි ලැබෙනු ඇති


ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක දවසක් හෝ දවසකදී
නිසසල මොහොතක හිමිදිරි උදයක
ඔබ සිරුරේ උණුසුමේ වෙලී

ජේසුනී.. මට ඔබේ විශ්වාසයි
ඔබ මගේ ජීවිතයයි, හැමදාමත් එහෙමයි
ජේසුනී.. මට ඔබේ විශ්වාසයි
ඔබ මට මගේමමයි, හැමදාමත් එහෙමයි
ජේසුනී.. මට ඔබේ විශ්වාසයි
ඔබ මගේ ජීවිතයයි, හැමදාමත් එහෙමයි


No comments:

Post a Comment